ගාල්ල ඕල්කට් මහා විද්‍යාලයේ ගුරුවරුන්, ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් ඊයේ (23) දින පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීම තිබේ.
එහිදී පැමිණ සිටි පිරිස විපක්ෂනායක තුමාගේ මූලිකත්වයෙන් සිදුවන සක්වල වැඩ සටහන යටතේ සිය පාසලේ පවතින අඩුපාඩු කීපයක් පිළිබදව මෙන්ම පාසලට බස් රථයක ලබාදෙන ලෙසට ඉල්ලීම් කර තිබේ.
එම ගැටළු පිළිබඳව සිය අවධානය යොමු කළ විපක්ෂ නායකවරයා තමාට හැකි පමණින් එම ගැටළු සදහා විසඳුම් ලබාදෙන බවටත්, බස් රථයක අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා හැකි ඉක්මනින් කටයුතු කරන බවටත් සහතික වී තිබේ.