26 C
Colombo
Sunday, October 1, 2023
spot_img

ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් වාර්තාව එළිදකිය …

අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව එක්සත්ජා තීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා. ශ්‍රී ලංකාවේ නව රජය මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙනයාම සඳහා ජාතික සංවාදයකට අවතීර්ණ විය යුතු බවයි එහි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් සන්ධිස්ථානයක සිටින බව එම වාර්තවෙන් පිළිගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් සියලු ම ජන කොටස්වල සහ
සෑම තරාතිරමක ම මිනිසුන්ගේ මානව හිමිකම්වලට දැඩි ලෙස බලපෑමක් එල්ල කර ඇති බව ද එහි සඳහන්. දරුණු ආරක්ෂක නීති මත යැපීම සහ සාමකාමි විරෝධතා මර්දනය කිරීම වහා ම අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්කාර්යාලය එම වාර්තාව මගින් රජයෙන් ඉල්ලා තිබෙනවා.

මිලිටරිකරණය දෙසට ගමන් කිරීම ආපසු හරවමින් ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණය කරමින් සහ දණ්ඩමුක්තිය අවසන් කිරිමට කටයුතු කරමින් නව කැපවීමක් පෙන්නුම් කරන ලෙසයි
එම වාර්තාව මගින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්කාර්යාලය දැනුම් දෙන්නේ. ත්‍රස්තවාදය වැළැත්වීමේ පනත යටතේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනිමින් මහජන විරෝධතා මර්දනය කිරීමට රජය දැඩි පිළිවෙතක් අනුගමය කර තිබෙන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles