වාහන ආනයනය ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයකට ආනයන සීමා පැනවීම හේතුවෙන් අයවැයෙන් අපේක්ෂා කරන ආදායමට ළඟාවීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට ලබාදිය හැකි දායකත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා එහි සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබේ.
එහිදී රේගු නිලධාරීන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ආනයන සීමා පවතින තෙක් බලාපොරොත්තු වන ආදායමට ළඟාවිය නොහැකි බවය.
මෙම තත්ත්වය යටතේ මෙම වසර තුළ ලබාගත හැකි ආදායම ලෙස රුපියල් බිලියන 783ක් පුරෝකතනය කළ හැකි බව ද එම නිලධාරීන් පවසා තිබේ.