29 C
Colombo
Saturday, June 3, 2023
spot_img

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ කාලසටහන

2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජුනි 18 සිට ජූලි 9 දක්වා සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිතයි. එම තරගාවලියේ කාණ්ඩ සහ තරග කාලසටහන ICC විසින් ඊයේ (23) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාව, අයර්ලන්තය, ඕමානය, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය B කාණ්ඩය යටතේ මූලික වටය තුල තරග වැදීමට නියමිතයි.

එහි A කාණ්ඩය යටතේ සත්කාරක සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් දේශය, ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය සහ නේපාලය තරග කිරීමට නියමිතයි. A කාණ්ඩයේ තරග සියල්ලම හරාරේ හිදී පැවැත්වීමට නියමිත අතර B කාණ්ඩයේ තරග සියල්ලම බුලවායෝ හිදී පැවැත්වෙනු ඇත.


මූලික වටය අවසානයේ ඒ ඒ කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 3 දිනා ගන්නා කණ්ඩායම් 6 සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නවා. සුපිරි 6 දෙනාගේ වටයේ දී සෑම කණ්ඩායමක්ම මූලික වටයේ දී මුණනොගැසුණු කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිතයි. අවසානයේ දී එහි පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් දෙක 2023 ICC ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නේ ඔක්තෝබර් – නොවැම්බර් මාසවල ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ද සුදුසුකම් ලබා ගනිමිනි.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles