ලෝකයේ ගැඹුරුම හෝටලය (The world’s deepest hotel) ලෙසින් හඳුන්වන මීටර් 400ක් පොළොව යටට වී මිනිසුන්ට විවේක ගැනීමට හැකි පරිදි වර්ගඅඩි 1375 ක නව හෝටලයක් විවෘත කර තිබෙනවා. එය බ්‍රිතාන්‍යයේ උතුරු වේල්සයේ (Wales) එරිරි ජාතික වනෝද්‍යානය ලෙසද හැඳින්වෙන ස්නෝඩෝනියා (Snowdonia) කඳුකරයට යටින් පිහිටා තිබේ.
මෙම හෝටලය තුල කාමර 4ක් ඉදි කර ඇති අතර සති අන්තයේ පමණක් මෙහි නවාතැන් ගැනීමට විවෘත කරන බව හෝටලයේ අයිතිකරුවන් සදහන් කර තිබේ. තවද මෙහි පැමිණෙන සංචාරකයන්ට ශරීර ආරක්‍ෂිත උපකරණ කිහිපයක් සහ එහි පරිසරය පිළිබඳ තොරතුරු රැසක් ලබා දෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රාත්‍රියක නවාතැන් ගැනීමට හෝටලයට පැමිණෙන පුද්ගලයන් දෙදෙනෙකු සඳහා පවුම් 350ක් අය කරන බව ද සඳහන් වේ.



