ලංකා විදුලි බල මණ්ඩලයේ ආධුනික පුහුණු ලාභීන් ලෙස වසර 4ක කාලයකට යටත්ව පුහුණු තනතුර වෙත අනියුක්ත කර එම ගිවිසුම් ගත පුහුණු කාලයෙන් පසු අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමෙන් අනතුරුව සේවය ස්ථිර කරන ලෙස ගිවිසුම් ගත වී නමුත් වසර 6ක කාලයක් සම්පූර්ණ වීමෙන් පසුත් සේවයේ ස්ථිර නොවූ බවට එහි ආධුනික පුහුණුලාභී 4, 5 සහ 6 කණ්ඩායම් හි සේවකයන් පිරිසක් පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී අදහස් සක්වා ඇත.

මේ වන විට රටේ පවතින ආර්ථිකය අර්බුධය හේතුවෙන් තම සේවය ස්ථිර නොවී දෛනිකව රුපියල් 1710ක වැටුපකට යටත්ව සේවය කිරීම නිසා දැඩි අපහසුතා රැසකට මුහුණ දී ඇති බවත් එම නිස මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කර සාධාරණයක් ඉටු කර දෙන ලෙසත් ඔවුන් විසින් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියහ. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම සේවකයන් හමුවේ කියා සිටියේ නුදුරු දිනක දී පාර්ලිමේන්තුවේ හා විෂය බාර අමාත්‍යවරයාගේ අවධානය මෙම ගැටළුව පිළෛබඳව යොමු කර ඔවුන් වෙත සාධාරණයක් ඉටු කර දීමට කටයුතු කරන බවයි.
