ඔබේ මුලුතැන් ගෙයි තිබෙන සුදුළූණු වලින් ශරීරයට ලැබෙන ප්‍රතිලාභය කොතෙක්දැයි දන්නවානම් ඔබ සුදුළූණු පොඩි කරන එකක් නැහැ.
බොහෝවිට අහාර වල රසය වැඩි කර ගැනීම සඳහා සුදුළූණු යොදා ගැනීමට පුරුදුව සිටින අතරම කට ගැස්මක් ලෙසටද එය භාවිතා කිරීමට බොහෝ පිරිස් රුචිකමක් දක්වනවා. එහෙත් ඒ සුදුළූණු වල පවතින ගුණ හා අගුණ නොදැනයි.
අහාර රසය වැඩි කරනවා පමණක් නොව එය අමුවෙන් ආහාරයට ගැනීමෙන් පසුව ශරීරයට බොහෝ ප්‍රතිලාභ ලබා දෙනවා.ආයුර්වේදයට අනුව, සුදුළූණු රුධිර පීඩනය අඩු කිරීමට, කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට, හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට සහ බොහෝ පිළිකා වැළැක්වීමට උපකාරී වනවා. ආයුර්වේදයට අනුව සුදුළූණු ඖෂධයක් ලෙස සියවස් ගණනාවක් තිස්සේ භාවිතා කර තිබෙනවා.
සුදුළූණු anti-bacterial සහ anti-inflammatory ගුණ වලින් පොහොසත් අතරම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද සමන්විතයි. එය ශරීරයේ ප්‍රතිශක්තිය ශක්තිමත් කරමින් නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ. එහි ඇති ගුණ නිසා පිළිකා, හෘද රෝග, උදරාබාධ, පෙනහළු දෝෂ වැනි ගැටලු රාශියකින් මිදෙන්න පුළුවන්.
නමුත් සමහර අවස්ථා වලදී, සුදුළූණු පරිභෝජනය ඉතා හානිකර විය හැකි බවට සඳහන් වනවා. රක්තහීනතාවය, අඩු රුධිර පීඩනය , ආමාශ ආශ්‍රිත ගැටළු , රුධිර ඝනත්වය අඩු තත්ත්වයන් වලදී සුදුළූණු අහාරයට ගැනීම අහිතකර බවට සඳහන් වනවා.