26 C
Colombo
Sunday, October 1, 2023
spot_img

මීරා නායර්ගේ ආදර කතාව Kama Sutra – A Tale of Love චිත්‍රපටයෙන්

මීරා නායර් විසින් අධ්‍යක්ෂණය කරන ලද Kama Sutra – A Tale of Love චිත්‍රපටය ශෘංගාරාත්මක ආදර කතාවක් (Erotic- romantic) රැගත් එකල කතාබහට ලක් වූ චිත්‍රපටයකි.

ඉංග්‍රීසි බසින් නිපදවූ මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය සඳහා ඉන්දියාවට අමතරව බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ජපානය යන රටවල් ද දායක වී ඇත.

මෙම චිත්‍රපටයට පසුබ්ම් වන්නේ 16 වන සියවසේ ඓතිහාසික කතා පුවතකි.” තාරා “රජ කුමරියක් වන අතර “මායා” කුඩා වියේ පටන් ඇය සමග හැදී වැඩුණු රූමත් සේවිකාවකි. තාරා හා විවාහ වන කුමරා සේවිකාවක වන මායා ට පෙම් බැඳ ඇය සමග සංවාසයේ යෙදේ.

කුමරා සමග විවාහ වන තාරා ගේ විවාහ දිවිය අසාර්ථක වූවක් බවට පත්වේ. කුමරා ගේ මිතුරු ගල් වඩුවෙකුට මායා පෙම් බඳින අතර එයට ඊර්ෂ්‍යා කරන කුමරු ගල් වඩුවා මරණයට පත් කරවයි.

ශෘංගාරය ඉස්මතු වන ලෙසින් නිර්මිත මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ ඉන්දිරා වර්මා, සරීතා චෞද්‍රි, නවීන් ඇන්ඩෲස්, රේඛා, රමොන් ටිකාරාම් වැනි නලු නිලියන් පිරිසක් විසිනි. ප්‍රධාන චරිතයක් වූ “මායා”ගේ චරිතය රඟපෑ ඉන්දිරා වර්මා ඉන්දීය සම්භයක් සහිත බ්‍රිතාන්‍ය නිලියක් වූ අතර මෙය ඇගේ පලමු චිත්‍රපටයයි.

Kama Sutra – A Tale of Love චිත්‍රපටය, එහි අන්තර්ගතය හා ලිංගික දර්ශන නිසා එකල ඉන්දියාවේ පවා වාරණයට ලක් විය.

නමුත් විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ මෙම චිත්‍රපටයේ කිසිදු ජවනිකාවක් වාරණයට ලක් නොකොට සම්පූර්ණ චිත්‍රපටයම ශ්‍රී ලංකාව තුල ප්‍රදර්ශනය කිරීමට මෙරටේ රැඟුම් පාලක මණ්ඩලය විසින් අවසර ලබා දීමයි. එසේම වැඩිහිටියන්ට පමණක් වූ මෙම චිත්‍රපටයේ කාන්තාවන් සඳහා පමණක් වූ විශේෂ දර්ශන ද  මෙරටේ ප්‍රථම වතාවට “රීගල්” සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කරන ලදී. මෙරට තුලදී මෙම චිත්‍රපටය සඳහා ලැබුනේ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයකි.

facebook

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles