දකුණු ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ, අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වී ගිලී යෑමෙන් 79 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 100 කට වැඩි පිරිසක් මුහුදේ ගිලී අතුරුදන් බව ග්‍රීක වෙරළාරක්ෂකයෝ වාර්තා කරයි.
බේරාගත් සහ මියගිය අතරේ ඊජිප්තු, සිරියා, පාකිස්තාන, ඇෆ්ගන් සහ පලස්තීන වැසියන් සිටින බව ද ග්‍රීක වෙරළාරක්ෂකයෝ වැඩිදුරටත් කියා සිටිති.
ග්‍රීසියට ආසන්න මුහුදේ සිදුවුණු දරුණුතම සංක්‍රමණික බෝට්ටු අනතුර මෙය යැයි ද ග්‍රීක වෙරළාරක්ෂක ප්‍රකාශක නිකෝස් අලෙක්සියු මාධ්‍ය හමුවේ පවසා තිබේ. බෝට්ටු අනතුර හේතුවෙන් ග්‍රීක රජය සොව පළ කර ඇති බවත් තෙදින ශෝක කාලයක් ප්‍රකාශට පත් කර ඇති බවත් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී.