ආණ්ඩු පක්ෂය නියෝජනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (31) දින විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ.
පොදුජන පෙරමුණේ සභාපති මහතා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, පා.ම. ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා, චරිත හේරත්, චන්න ජයසුමන, කුමාරසිරි රත්නායක, ගුණපාල රතනසේකර, උදේන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්‍ෂ, ලලිත් එල්ලාවල යන පිරිස මෙලෙස විපක්‍ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව කතානායකවරයා වෙත දැනුම් දීමට කටයුතු කරනු ලැබුවා.