පෑලියගොඩ දිසා රථවාහන කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරියෙකුට පහරදීම සහ ඔහුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු කැලණි කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පෑලියගොඩ ජෙයජෙජ් ප්‍රනාන්දුපුල්ලේ පාලම අසල රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු හෙල්මට් පැළඳ නොසිටි යතුරුපැදිකරුවෙකු නවතා පරීක්ෂා කිරීමේදී කාන්තාවක් එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරියා සමඟ බහින්බස් වී ඔහුට පහරදී ඇති බව වාර් තා වේ.
තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකරුවන් අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 20, 22, 20 සහ 51 වයස්වල පසුවන කැලණි, පට්ටිය ප්‍රදේශයේ හා සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට වාරතා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැලණි කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.