සමගි ජනබලවේගයේ හොරණ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩි. අබේරත්න මහතා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ් හිටපු මන්ත්‍රිවරයාට අයත් බොරලුගොඩ ප්‍රදේශයේ ඉඩමකට අනවසරයෙන් පැමිණි පුද්ගලයින් පිරිසක් සමග ආරවුලක් ඇති කරගත් අවස්ථාවේ සිදුවු වෙඩිතැබීමක් සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.
අදාළ ඉඩම බලාගැනීම සදහා යුවළක් එම ඉඩමේ නතර කර සිට ඇති අතර එම යුවළට පිටස්තර පුද්ගලයින් ගෙන්වා නොගන්නා ලෙසට මන්ත්‍රීවරයා විසින් දැනුම් දී තිබේ.
අදාළ සිද්ධිය සම්බනන්ධයෙන් විමර්ශන සිදුකළ හොරණ පොලීසිය ඊයේ පස්වරුවේ පි.ඩී. අබේරත්න මහතා වෙඩිතැබීමට භාවිත කළ ගිනිඅවිය සහ පතරොම් තුනක් සමග අත්අංගුවට ගෙන තිබේ.