අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) දින සිදුකළ විශේෂ ප්‍රකාශය අතරතුර විපක්ෂය සිදුකළ බාධා කිරීම් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට කථානායකවරයා පියවර ගෙන තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් ප්‍රගතිය සහ රටෙහි වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අද පාර්ලිමේන්තුවට පැමිණියේය. පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රැඳී සිටි අතර එහිදී විපක්ෂය විසින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නිරත වුණි.

