27 C
Colombo
Sunday, October 1, 2023
spot_img

නුවරඑලිය තැපැල් කාර්යාලය සංචාරයක හෝටලයකට …?

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු යටතේ නුවරඑළිය නගරය පාලනය වූ කාලයේ  සිටම තැපැල් කාර්යාලයක් ලෙස පවතින මෙන්ම නුවරඑළිය නගරයේ අනන්‍යතාවයක් ලෙස හඳුන්වනු ලබන නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත් කිරීම සම්බන්ධව රජයේ යෝජනාවට නුවරඑළියේ ස්වේච්ඡා සංවිධාන රැසක, තැපැල් සේවකයන්ගේ හා මහජනතාවගේ දැඩි විරෝධය පල වී ඇති බව වාර්තා වෙයි.  

නුවරඑළිය ප්‍රධාන  තැපැල් කාර්යාලය නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බොහෝ විදෙස් සංචාරකයන් තම සංචාරය තුළ විශේෂ කාලයක් වෙන් කර ගනු ලැබීම නොරහසකි.  

නුවරඑළිය තැපැල් කාර්යාලය ශ්‍රී ලංකාවේ මූලික පෙළේ සංචාරක ප්‍රවර්ධන ආයතනයක් වන “ජෙට්වින්” ආයතනය යටතට පවරා සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන යෑමට ඉදිරිපත් වී ඇති රජයේ යෝජනාවට සමස්ත ලංකා තැපැල් හා විදුලි පණිවුඩ සේවක සංගමය , එකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ හා වොයිස් ඔෆ් නුවරඑළිය ස්වේච්ඡා සංවිධානය, නුවරඑළිය හඬ සංවිධානය ආදී පාර්ශවයන්ගේ විරෝධතාවයන් ප්‍රකාශ වී තිබේ.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles