ආගම්වලට නිගා වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඔහු අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, නිෂාන් කුරේ පියතුමා, අල්හාජ් හසන් මොහොමඩ්, රාමචන්ද්‍ර ෂර්මා කුරුක්කල් ඇතුළු 6 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.
වගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉකුත්දා සිදුකරන ලද ප්‍රකාශය තුලින් මෙරට ආගමික සහජීවනය හා ජාතික සංහිඳියාවට දැඩි අගතියක් සිදු වන බවද පෙත්සමෙන් පෙන්වා දී ඇති අතර මෙවැන්නක් තුළින් ආගම් අතර ගැටුමක් නිර්මාණය වීමේ අවදානමක් මතුවනවා මෙන්ම අදාළ ප්‍රකාශය තුළින් දේවගැතිවරයා අන්‍ය ආගමික විශ්වාසයන්ට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සමින් චෝදනා කර ඇතැයි පැවසේ.
මේ තුළින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ දේවගැතිවරයා වරදක් සිදුකර ඇතැයි චෝදනා කළ පෙත්සම්කරුවන් ඒ සම්බන්ධයෙන් මේ දක්වා නිසි විමර්ශනයක් සිදු වී නොමැති බවත් සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත. ඒමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසටද පෙත්සමෙන් ඉල්ලා තිබේ.