වාලච්චේන පොලිස් බල ප්‍රදේශයට අයත් කුලත්තමඩු ගම්මානයේ ඊයේ (25) රාත්‍රි දෙපිරිසක් අතර ඇති වු මත ගැටුමකින් සිදු කළ පිහි ඇනුමක් හේතුවෙන් කුලත්තමඩු, වාකනේරි ප්‍රදේශයේ පදිංචි වයස අවු. 19ක් වු තරුණයෙකු බරපතල ලෙස තුවාල ලබා වාලච්චේන මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිස් ස්ථානය මගින් පරික්ෂණ සිදු කරනු ලබයි.