ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකුගේ සිරුර සිය නේවාසිකාගාරය තුළ දී එල්ලෙමින් තිබියදී සොයාගෙන තිබෙන බව මහරගම පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ යාපනය කයිට්ස් , නාරාතනායි උතුර හි පදිංචි විග්නේෂ්වරන් අබිනෙජන් (23) නමැති සිසුවෙකු බව පැවසේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය බොරලැස්ගමුව ප්‍රදේශයේ තිබූ ශිෂ්‍ය නේවාසිකාගාරයේ බිම් මහලේ මෙම සිසුවාගේ සිරුර එල්ලෙමින් තිබී ඇත. මේ බව නේවාසිකාගාරයේ ඉහළ මාලයේ නිදා සිටි සිසුවකු විසින් අද (16) අලුයම පහළ මාලයට එමින් සිටියදී මේ බව දැක කෑ ගැසීමත් සමග අනෙක් සිසුන්ට ද ඇසී පැමිණ පණ ඇති බව සිතා සිරුර එල්ලෙමින් තිබූ ලණුව කපා තිබේ.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී එහි නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කොට මහරගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු එච්.එම්.ඩග්ලස් රූපසිරි මහතා පැමිණ ස්ථාන පරීක්ෂණයක් සිදු කරන ලදී. ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කරන ලදී.