26 C
Colombo
Sunday, October 1, 2023
spot_img

චේ ගුවේරාගේ පුත් කැමිලෝ මියයයි

චේගුවේරාගේ වැඩිමහල් පුත් Camilo Guevara March ඊයේ (30) වෙනිසියුලාවේදී මියගිය බව කියුබානු ජනාධිපතිවරයා තහවුරු කර තිබේ. ඔහු වෙනුසියුලාවේ සංචාරය කරමින් සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබේ. මිය යන විට ඔහු 60 වන වියේ පසුවිය.

වයස අවුරුදු 40 දී (1967 දී) බොලිවියාවේදී චේ ගුවේරාට වෙඩි තබන අවස්ථාව වන විට Camilo Guevara March ට වයස අවුරුදු පහකි. කම්කරු නීතිය පිළිබඳ උපාධි ධාරියෙකු වන ඔහු මාක්ස්වාදී විමුක්ති ව්‍යාපාරවල ද ක්‍රියාකාරී ලෙස කටයුතු කර ඇති අතර ඔහු “චේගුවේරා ඉගෙනුම් මධ්‍යස්ථානය” නමින් සංවිධානයක්ද පවත්වාගෙන ගියේය.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles