චීනයේ බුද්ධි තොරතුරු රැස්කිරීමේ ජාලයට සම්බන්ධ නවතම මිනිසුන් රහිත යානය එහි පළමු ගුවන් ගමන සාර්ථකව සිදු කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.
චීනයේ ඇවියේෂන් ඉන්ඩ‍්‍රස්ටි‍්‍ර කෝපරේෂන් ආයතනය විසින් වැඩි දියුණු කරන ලද මෙම සැහැල්ලු ගුවන් යානය, සමුද්‍රීය සෙවීම් සහ ගලවා ගැනීම වැනි මිලිටරි සහ සිවිල් මෙහෙයුම් සඳහා භාවිතා කිරීමට නියමිතයි
චීනයේ නාවික යාත‍්‍රා සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම යානය සාර්ථකව ගුවන්ගත කර ඇත්තේ නැගෙනහිර ජියෑන්ග්ෂි ප‍්‍රදේශයේදීයි.
එය ක‍්‍රියාකාරී සහ කාර්ය සාධන පරීක්ෂණ පියාසැරිවලට භාජනය කිරීමට නියමිත වන අතර 2023 දී තාක්ෂණික ඇගයීමක් සිදු කිරීමට නියමිතයි.