ග්‍රීසියේ දකුණුදිග වෙරළට ඔබ්බෙන්වූ මුහුදු සීමාවේදී සිදුවූ දරුණු යාත්‍රා අනතුර අවස්ථාවේ යාත්‍රාව තුළ ළමුන් 100 ක් පමණ සිටි බව අනතුරින් දිවි බේරාගත් පුද්ගලයින් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම අවස්ථාවේ යාත්‍රාව තුළ පුද්ගලයින් 750 ක් සිට ඇති බවට වාර්තා වේ.
ඊයේ දිනයේ සිදුවූ අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් තවත් සිය ගණනක් අතුරුදන්ව ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය ග්‍රීසියේ සිදුවූ දරුණුතම සංක්‍රමණික ඛේදවාචකය ලෙසට සැලකේ. මෙම පිරිස ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර ඉන් බහුතරය වයස අවුරුදු 20 සීමාවේ පසුවූ තරුණයින් බවද පැවසේ.
