32 C
Colombo
Saturday, June 3, 2023
spot_img

ගයානා හි ඇති වූ ගින්නකින් ළමුන් 19 දෙනෙකු මරුට

මධ්‍යම ගයානයේ පතල් නගරයක් වන Mahdia නගරයේ ඇති වූ ගින්නකින් අවම වශයෙන් ළමුන් 19 දෙනෙකු මිය ගොස් ඇති බව එරට බලධාරීහු පවසති.

ඊයේ (22) මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙම ගින්න හටගෙන ඇති අතර,  අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට හදිසි සේවා අංශ දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව රජය පවසයි.

තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර ඇතැමුන් විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති ජෝර්ජ්ටවුන් (Georgetown) අගනුවරට ගෙන ගොස් ඇති බවට වාර්තාවේ.

මෙම සිදුවීමත් සමග ගයානාවේ ජනාධිපති  ඉර් ෆාන් අලි (Irfaan Ali)  විසින් එරටට දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ගයනාව දකුණු ඇමරිකාවේ උතුරු වෙරළ තීරයේ වෙනිසියුලාව සහ සුරිනාම් අතර පිහිටා ඇත.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles