“තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි යන්න” පැරණි කියමනකි. එය අරුතක් නොමැතිව සමාජ ගත වුවක් නොවේ. එයින් කියන්නේ සමාජය තුළ මවක සතු කාර්යභාරයයි. අතීතයේ කාන්තාව නිවෙසට වී දරුවන් පෝෂණය කරමින් නිවෙසේ වැඩකටයුතු නිසියාකාරව බලාගත්තාය.
මීට වෙනස්ව වර්තමාන සමාජයේ කාන්තාව ද පිරිමින් හා කරට කර වගකීම් ගෙන කටයුතු කරන්නීය. ඒ අනුව මේ වන විට ලොව සෑම ක්ෂේත්රයකම පාහේ කාන්තා නියෝජනය සුවිශේෂ වේ. මේ අතර හමුදා සේවයේ නියුතු කාන්තා වීරවරියෝද ලොව විශේෂ අවධානයක් දිනා සිටිති.
ඩහොමේ ඇමසන්ස් යනු 1600 පමණ කාලයේ සිට 1904 දක්වා පැවති ඩහොමේ රාජධානියේ පිහිටුවා තිබූ කාන්තා හමුදා රෙජිමේන්තුවකි. ග්‍රීක මිථ්‍යා කතාවල පැවසෙන කාන්තා රණකාමීන් හෙවත් ඇමසන්ස් පිළිබඳ කතාව හේතුවෙන් බටහිර යුරෝපීයයන් විසින් ඔවුන් ඇමසන් ලෙස නම් කරන ලද බව කිය වේ.

මෙම කාන්තා හමුදා රෙජිමේන්තුවේ ආරම්භය වූයේ ඩහොමේ රාජ්‍ය අසල්වැසි බටහිර අප්‍රිකානු රාජ්‍යයන් සමඟ නිරන්තරයෙන් සිදු වූ ප්රචණ්ඩත්වය සහ යුද්ධ වැදීම්වලදී ඩහෝමි රාජ්‍යයේ පිරිමි ජනගහනයෙන් විශාල පිරිසක් ජීවිත හානිවලට මුහුණ දීමයි.
මෙම චිත්‍රපටය ජීනා ප්‍රින්ස් බයිදවුඩ්ගේ අධ්යෂක්ෂණයකි. වියෝලා ඩේවිස් සමඟ තුසෝ බෙධු, ලෂානා ලිස්ච්. ශෙයිලා ඇතිම්, ජෝන් බොයේගා, ඇඩ්රින් වොරෙන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වී සිටිති. චිත්‍රපටය පිළිබඳ අදහස් දක්වමින් අධ්‍යක්ෂිකා බයිදවුඩ් පැවසුවේ, කාන්තාවන් ඔවුන්ගේ සටන් කිරීමේ හැකියාව සහ හැඟීම් සමඟ මුසුකර බහු මුහුණුවරක් ගැනීමට ඇය උත්සාහ කළ බවයි. මෙම චිත්‍රපටය වෙනුවෙන් පුහුණුවීම් මාස නවයක් පමණ පැවති අතර වියෝලා ඩේවිස් පැවසුවේ ඇගේ භූමිකාව සඳහා වූ පුහුණුවට “බර පුහුණුවීම්, කෙටි දුර ධාවනය, සටන් කලාවන් සහ ආයුධ පුහුණුව” ඇතුළත් බවයි.
sarasaviya