ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි සේවය කරමින් සිටි ඖෂධවේදීන් 18 ක් හදිසියේ සෞඛ්‍ය අමාත්‍යංශයට මුදාහැරීම එරෙහිව විරෝධය දක්වමින් රට පුරා රජයේ රෝහල්වල ඖෂධවේදීහූ අද (16) පෙරවරුවේ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන ලදී.
මෙම වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල් රැසක ඖෂධ නිකුත් කිරීමේ කවුළු වසා දමා තිබූ අතර එහෙත් හදිසි ප්‍රතිකාර ක්‍රියාත්මක කරන රජයේ රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවද ඖෂධවේදීන් සංගමය පැවසීය.