26 C
Colombo
Sunday, October 1, 2023
spot_img

ඇමරිකාවට නැවතත් පෝලියෝ අවධානමක්

පොලියෝ වෛරසය පවතින බවට සාධක හමුවීමත් සමග ඇමරිකාවේ නිව්යෝක් නගරයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි වාර්තා වේ.

නිව්යෝක් නගරයේ අප ජලයෙහි පෝලියෝ වෛරසය පවතින බවට සාධක හමුවී ඇති බැවින්  නිව්යෝක් නගරය තුළ පෝලියෝ වෛරසය පැතිරයාමේ අවධානමක් පවතින බව එරට සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දී තිබේ. ඒ හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

1955 වසරේ ඇමරිකාවෙන් පෝලියෝ රෝගීන් බහුලව වාර්තාවීමත් සමඟ එන්නත්කරණය ආරම්භ කරනු ලැබූ අතර 1979 වසර වන විට ඇමරිකාවෙන් පෝලියෝ රෝගය තුරන් කර තිබෙනවා.

මෙම වෛරස තත්ත්වයට පිළියම් වශයෙන් පෝලියෝ වෛරසයට එරෙහිව එන්නත්  ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles