27 C
Colombo
Sunday, October 1, 2023
spot_img

අයවැය අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

2022 වර්ෂයේ අයවැය පිළිබඳ අවසන් තත්ව වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මුදල් ජාතික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

2023 අංක 3 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ 13 වන වගන්තියේ විධිවිධාන පරිදි මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් අයවැය පිළිබඳ අවසන් තත්ව වාර්තාව අදාල මුදල් වර්ෂය ඉක්මවා මාස පහක් ගත වීමට පෙර ජනතාව වෙත නිකුත් කිරීමටත් ඉන් අනතුරුව එකී වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් කළ යුතු වේ.

ඒ අනුව 2022 වර්ෂයේ අයවැය පිළිබඳ අවසන් තත්ව වාර්තාව මුදල් ,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles