28.3 C
Colombo
Sunday, June 4, 2023
spot_img

අම්බලන්ගොඩදී වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේදී අද (27) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. එම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියොජ්‍ය විදුහල්පතිවරයකු වන බළපිටිය මිගෙට්ටුවත්තේ පදිංචිපුද්ගලයෙකුයි.  

ඔහු කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ බෑනණුවන් කෙනෙක් බවද වාර්තා වේ. නියෝජ්‍ය විදුහල්පතිවරයා ධර්මාශෝක විදුහලේ සේවයට වාර්තා කිරීමට එව අවස්ථාවේදී වෙඩි තැබ්ම සිදුවී ඇති බව පොලීසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.  ඉන් තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිවරයා වෙඩි වැදුනද යමින් සිටි යතුරු පැදියෙන්ම අම්බලන්ගොඩ පොලීසියට පැමිණ තිබේ.

පැය දොළහක් තුළ අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ දෙවැනි වෙඩි තැබීම  මෙය බව පොලීසිය ප්‍රනාශ කර තිබේ. ඊයේ (25) රාත්‍රී වතුගෙදර ආදාදොල ප්‍රදේශයේදී ද වෙඩි තැබීමක් සිදුව තිබේ.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles